ශ්රී ලංකා මුහුදු සිමාව උල්ලංඝණය කරමින් මසුන් මරමින් සිටියදි නාවුක හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ධීවර නිළධාරින්ට භාර දුන් ඉන්දියන් ජාතිකයින් 20 දෙනා එළැඹෙන 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පුත්තලම වැඩ බලන මහේස්ත්රාත් අබ්දුල් කාදර් මහතා නියෝග කෙරුණි .
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ ඉන්දියාවේ තුත්තුකුඩි පදිංච් කරුවන් බව කියන ධිවරයින් පිරිසකි . මෙම ධිවරයින් පිරිස ඊයේ (05දා) ශ්රී ලංකා මුහුදු සිමාවේ මන්නාරම අරිප්පු මුහුදේ මසුන් මරමින් සිටියදි ශ්රී ලංකා නාවුක හමුදා නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .