ජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුව ධීවරයින් නිදහස් කිරීමට රටවල් දෙකම කටයුතු කරමින් පවතී.
ඒ අනුව ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 85 දෙනෙකු හා ඉන්දියාවේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකා ධීවරයින් 19 දෙනෙකු මෙසේ නිදහස් කිරීමට නියමිතය.
ඉන්දීය ධීවරයෙකු ශ්‍රි ලංකා මුහුදු තීරයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙසේ ධීවරයින් නිදහස් කිරීමට නියමිතය.