ඉන්දීය මුහුදු සීමාවට නිති විරෝධී අයුරින් අතුළු වූ ශ්රී ලාංකා ධීවරයින් 9 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට ඉන්දියානු වෙරළාරක්ෂක බළකාය 29වැනිදා කටයුතු කොට ඇත.
චෙන්නායි සිට මුහුදු සැතපුම් 38ක් දුරකින් යුත් ඉන්දියාවට අයත් මුහුදු සීමාවේදී මෙසේ ශ්රී ලාංකික ධීවරයෝ මසුන් අල්ලමින් සිට ඇති බව 'එන්.ඩී.ටී.වී.' පුවත් සේවය ඊයේ (31) රාත්රියේදී වාර්තා කර ඇත.
මිට ඉහතදී මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරන් 38 දෙනෙකු ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.