පසුගිය සති දෙකක කාලය තුළදී ඉන්දීය ධීවරයින් විසින් නීතිවිරෝධී ලෙස ශ්රී ලංකාවේ උතුරුදිග මහුදේ මසුන් ඇල්ලීමේ කටයුතු සිදුකළ බව යාපනයේ ධීවර ජනතාව උපුටා දක්වමින් ද හින්දු පුවත් සේවය වාර්තා කළේය.
මේ පිළිබඳව අද (09දා) වාර්තාවක් ඉදිරිපත් කරන හින්දු පුවත් සේවය පෙන්වා දෙන්නේ ඉන්දීය යාත්රා හේතුවෙන් උතුරු ධීවරයින්ගේ දැල් හානිවී තිබෙන බවට ධීවර ජනතාව සඳහන් කර තිබෙන බවයි.
මේ අතර ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරයට සමගාමීව ශ්රී ලංකා අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්රා 87ක් නිදහස් කිරීමේ සූදානමක් තිබෙන බවද එම පුවත්සේවය සඳහන් කළේය.