රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉන්දීය ආරක්ෂක ඇමති ආරූන් ජයිට්ලේ මහතා අතර ඊයේ (20දා) ඉන්දියාවේදී පැවැති සකච්ඡා වලදී දෙරටේ ආරක්ෂා සබඳතා ශක්තිමත් කිරිමට වැඩි අවධානයක් යොමුකර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට නාවික යාත්‍රා දෙකක් හා තවත් යුද උපකරණ තොගයක් ලබාදීමටත් ඉන්දියාව එකඟ වී තිබේ.
චීනය ඉන්දියානු සාගර කලාපයට ඇතුළු වීමට උත්සාහකිරීමත් සමග ඉන්දියාව මේ වන විට ඉන්දීය සාගර කලාපයේ රටවල් සමග සබඳතා තරකර ගනිමින් තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.