ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයෙකු වෙඩිවැදී මරණයට පත්වීම හා තවත් ඉන්දීය ධීවරයෙකු වෙඩි වැදී තුවාල ලැබීමේ සිදුවීම පිළිබඳව ඉන්දීය මධ්‍යම රජය දැඩි අවධානය යොමුකර ඇතැයි ඉන්දීය මධ්‍යම රජයේ ඉහළ නිලධාරියෙකු උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය අද (07දා) තොරතුරු වාර්තා කළේය.
මෙම සිදුවීම අද (07දා) අලුයම සිදුව ඇති අතර, ඉන්දීය ධීවරයන් චෝදනා කරන්නේ මෙම වෙඩි තැබීම ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ බවයි. කෙසේ වෙතත් එම චෝදනාව පදනම් විරහිත බවත්, එය ප්‍රතික්ෂේප කරන බවත් නාවික හමුදා මාධ්‍ය අංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
එමෙන්ම මෙම වෙඩි තැබීම පිළිබඳව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කර තිබිණි.
මේ අතර සිද්ධියට විරෝධය දක්වමින් තමිල්නාඩුවේ අද විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්විණ. සිද්ධියෙන් මියගොස් තිබුණේ තමිල්නාඩුවේ රාමේෂ්වරම්හි බ්‍රිස්ටෝ නමින් හැදින්වෙන 22හැවැරිදි තරුණයෙකි.
මියගිය පුද්ගලයා වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 5ක වන්දියක් හා තුවාල ලැබූ පුද්ගලයා වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂයක වන්දි ලබාදීමට තිමිල් නාඩු රජය කරයුතු කරනු ලැබීය.සිද්ධියෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබීය ශ්‍රී ලංකා මුහුදු සීමාවට අයත් කච්චතිව් දූපට ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණි.