ඉන්දියාව ශ්‍රී ලංකාවට වාර්ශිකව ලබාදෙන සංවර්ධන ආධාර කප්පාදු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 2017 වසරේ මාර්තු 31 දායින් අවසන් වූ මූල්‍ය වර්ශය සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 73ක් පමණි.
2014/15 මූල්‍ය වර්ශය සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් කොටි 499ක් ලබා දී ඇත. 2015/16 මූල්‍ය වර්ශය සඳහා එය ඉන්දීය රුපියල් කෝටි 403ක් දක්වා අඩු කර තිබේ.
කෙසේ වෙතත් 2017 මාර්තු 31න් අවසන් මූල්‍ය වර්ශය සඳහා ලබාදී ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 73ක් පමණි. එය සැලකිය යුතු මට්ටමක අඩුවක් බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය යන රටවල් වෙනුවෙන් ලබාදී ඇති සංවර්ධන ආධාරද අඩු කර තිබේ.