ඉන්දීය ධීවරයන් විසින් මෙරට උතුරු මුහුදට පැමිණ අනවසරෙන් මසුන් ඇල්ලීම හේතුවෙන් උතුරේ ධීවරයෝ ගැටලු රැසකට මුහුණ දී සිටිති.
දිනෙන් දිනම ඉන්දියානු ධීවරයන්ගෙන් සිදුවන බලපෑම වැඩි වී ඇති බවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා පැමිණීමද වැඩි වීම නිසා දිනකට උතුරු මුහුදෙන් ඔවුන් විසින් මත්ස්‍ය කිලෝ 60,000 ත් 80,000 ත් අතර ප්‍රමාණයක් ඇල්ලීම නිසා තමන් දැඩි සේ අසරණව සිටින බව උතුරේ ධීවරයෝ පවසති.
මේ දිනවල උතුරු මුහුදු සීමාවට දිනකට ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා විශාල ප්‍රමාණයක් පැමිණීම හේතුවෙන් උතුරේ ධීවර කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවත් තමන්ට මසුන් ඇල්ලීමට ට්‍රොලර් යාත්‍රා තහනම් කර ඇති නමුත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සිය ගණනකින් දිනකට උතුරු මුහුදේ මසුන් ඇල්ලීම මගින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවද ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.