ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඇමෙරිකාව ප්රමුඛ රටවල් පහක් ප්රමුඛව ගෙන ආ යෝජනාවලිය සඳහා ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට ගත් තීරණය පිළිබඳව විදේශීයව ක්‍රියාත්මක වන දමිළ සංවිධාන කිහිපයක්ම ඉන්දියාවට සිය නොසතුට ප්‍රකාශ කර ඇති බව ‘හින්දු පුවත්’ සේවය අද (31දා) වාර්තා කළේය.
බ්‍රිතාන්‍ය දමිළ සංසදය හා උතුරු ඇමෙරිකාවේ දමිළ ෆෙඩරේෂණය ඊයේ (30දා) ඒකාබද්ධ නිවේදයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවලියට සහාය නොදැක්වීමට ඉන්දියාව කටයුතු කිරීම පිළිබඳව කනාගටුවෙන් පසුවන බවයි.
මීට අමතරව ලෝක දමිළ සංවිධානය, ඇමෙරිකානු දමිළ දේශපාලන ක්‍රියාකාරීත්වය ඇතුළු තවත් සංවිධාන 07 ක් ඉන්දියාවට සිය කනගාටුව ප්‍රකාශ කර ඇති බව ද හින්දු පුවත් සේවය තවදුරටත් වාර්තා කළේය.