මෙරට කර්මාන්ත ශාලාවක සේවය කිරීම සඳහා ව්‍යාජ වීසා ලිපියක් සකස් කර එය ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබූ ඉන්දීය ජාතිකයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගුවන් තොටුපළ පොලීසිය ඊයේ (09දා) රාත්රියේදී කටයුතු කොට ඇත.
කොළඹ වංචා විමර්ශන අංශයට ලද තොරතුරක් මත වංචා විමර්ශන කාර්යාංශය මගින් ලබා ගත් අධිකරණ නියෝගයක් මත ඉහත සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් ගුවන් තොටුපළ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 22 -35 ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් වන අතර, ඔවුන් රැඳවුම් නියෝග මත රඳවා තබා කොළඹ වංචා විමර්ශන අංශය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.