ඉදුල් වතුර ඇග වැදීම හේතුවෙන් පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කළ සිදුවීමක් දොඩංගොඩ සියඹලාගහලයිම ඇළදූව ප්‍රදේශයේන් වාර්තාවේ. මියගිය පුද්ගලයා 42 වැනි වියේ පසු වූවෙක්. මෙම පුද්ගලයා ආහාර ගෙන පිඟාන සේදූ ජලය නිවසින් පිටතට විසි කළ අවස්ථාවේ අසල්වැසි කාන්තාවකගේ සිරුරේ වැදීම හේතුවෙන් ඒ පිළිබඳ ඇති වූ ආරවුලකදී අදාළ කාන්තාවගේ පුතුන් දෙදෙනා විසින් පහරදීම සිදුකර තිබේ. ඔවුන් දෙදෙනාම බාලවයස්කරුවන් වන අතර එක් අයෙකු 17 වැනි වියේද අනෙකා 13 වැනි වියේද පසුවේ.