ඉදිරි මැතිවරණයන්ට එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ ලෙස තරග කරන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි. අධිකරණ අමාත්‍යාංශය අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
"අපි හිතන්නේ ප්‍රතිඵලය මොකක් වුණත් තනිව තරග කරන්න. අපිත් එක්ක එකතුවෙන සුළු ජාතික පක්ෂ ගණනාවක් තියෙනවා. ඊට අමතරව පාඨලී චම්පික රණවක ඇමතිතුමාගේ ජාතික හෙළ උරුමයත් එක්ක අපි එක්සත් ජාතික පෙරමුණ හැටියට තනිව තරග කරලා ඉදිරි මැතිවරණයකදී ඕනිම දේකට තනිව මුහුණ දෙන්න සූදානම්"