ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයේදී ලැබූ ජයග්‍රහණය ඉදිරි ජනාධිපතිවරණයකදී ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදේශකයන්ගෙන් ප්‍රවේසම් විය යුතු බව ජාතික සංවිධාන එකමුතුව අද (13දා) සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා උපදේශකයන් පවසන පරිදි කටයුතු කළහොත් මෙවර ප්‍රතිඵලය ඉදිරියේදීත් බලාපොරොත්තු නොවන ලෙසත්, ඊළඟ රජයේ කටයුතු පවත්වාගෙන යෑම ගැන රාජපක්ෂ මහතා සොයා බැලිය යුතු බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
නාවල, රාජගිරිය පාරේ පිහිටි ජාතික සංවිධාන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා ගනු ලබන තීරණ කෙරෙහි ජාතික සංවිධාන අවදියෙන් බලා සිටින බවයි.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේ, පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට උපදේශකයන්ගේ හා ඔහු වටා සිටි ඇතැම් පුද්ගලයන්ගේ මැදිහත්වීම් බලපෑ ආකාරය හිටපු ජනාධිපතිවරයා සිහියේ තබාගෙන ඉදිරි දේශපාලන තීරණ ගත යුතු බවයි.