ඉදිරි සතිය මේ රටට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තීරණාත්මක විය හැකි බව ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (06දා) ප්‍රකාශ කළේය.
එසේම මේ රටේ ඉදිරි දශකය තීරණය වන්නේද ඉදිරි සතියේදී බව රණවක මහතා සඳහන් කළේය.
එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා කියා සිටියේ ජාතික හෙළ උරුමය ශාස්ත්රකාන් පසුපස නොයන බවයි. තමන් හැමවිටම දේශපාලනය කරන්නේ සංඛ්‍යා විද්‍යාවලට අනුව ගණන් බැලීමෙන් අනතුරුව බවද හෙතෙම පවසා සිටියේය.