ජාතික මහා මාර්ග පද්ධතිය තුළ මහා මාර්ග 20 ට අයත් කිලෝමීටර් 564.53 ක් රුපියල් බිලියන 58 ක මුදලින් ඉදිරි වර්ෂ තුන තුළ සංවර්ධනය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම්කර තිබේ.
මෙම ඉදිකිරීම් දේශීය කොන්ත්රාත්කරුවන් වෙත ලබාදීමට අවධානය යොමුකර ඇති බවද නාගරික සංවර්ධන අධිකාරිය පැවසීය.
දිවයිනේ ජාතික මහාමාර්ග ජාලය කිලෝමීටර් 12,210 ක් පමණ දිගින් යුතුවන අතර ජාතික මාර්ග කිලෝමීටර් 7,900 ක් පමණ මේවනවිට පුනරුත්තාපනය කර තිබේ.
තවත් මහා මාර්ග කිලෝමීටර් 4 300 ක් පමණ නිසි ප්රමිතියෙන් යුතුව සංවර්ධනය කිරීම ඇති අතර,එහිදී ඒ සහ බී මාර්ග සඳහා ප්රමුඛතාව ලබාදෙන බවද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් ප්රකාශ කළේය.