වී වගාවට හඳුන්වා දී ඇති කාබනික ගොවිතැන් ක්‍රම ඉදිරි කන්නයේදී එළවළු හා පලතුරු වගාවලටද හඳුන්වා දෙන බව වසවිස නැති රටක් ජාතික ව්‍යාපාරයේ උපදේශක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
මෙවර වගා කන්නයේදී කුඹුරු අක්කර එක්ලක්ෂ පනස් දහසක් කාබනික ගොවිතැන යටතේ වගාකර තිබෙන බවත්, ඉදිරි වගා කන්නයේදී කාබනික ගොවිතැන යටතේ හෙක්ටයාර් ලක්ෂ පහ හමාරක වී වගා කටයුතු කිරීමට සැලසුම් කර තිබෙන බවත් උන්වහන්සේ පවසා සිටියහ.