අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කර උතුරු දෙසින් ස්ථානගතව පවතින නිසා දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ නිසා මුහුදු ප්‍රදේශ ඉතා රළුවී අනතුරුදායක තත්ත්වයකට පත්විය හැකි හෙයින් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
ඉදිරි පැය 48 ක කාලයක් සඳහා මෙය වලංගු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.