ඉදිරි පැය 24 තුළ සමහර ස්ථානවලට තද වැසි (මිලී මීටර් 100 ට වඩා) ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා, දිවයිනෙහි බොහෝ ප්‍රදේශවල සහ දිවයින වටා වන මුහුදු තීරයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
අද (24දා) රාත්‍රී 8.00 න් පසු ඉදිරි පැය 24 සඳහා ක්‍රියාත්මක වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මෙම නිවේදනය කරයි.