නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදීත් තද සුළං සහ වැසි සහිත කාලගුණයක් අපේකෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි අපේක්ෂා කෙරේ.
බස්නාහිර හා වයඹ පළාත්වලත් හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර දිවයින හරහා, විශේෂයෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත් මොනරාගල දිසුත්රික්කයේත් විටින් විට පැ.කි.මී 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.