ඉදිරි දින දෙක තුළ ලංකාවේ බොහෝ ප්‍ර‘දේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ නිසා අකුණු අනතුරු වළක්වාගැනීමට කටයුතු කළ යුතු බවත්, හෙට (28දා) සහ අනිද්දා (29දා) යන දෙදින තුළ බස්නාහිර හා දකුණු පළාත්වල වෙරළබඩ ප්‍ර‘දේශවලට උදේ කාලයේ වැසි ඇතිවිය හැකි බවත් කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළාය.
අද (27දා) දිනය තුළදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයටත් මිලිමීටර් 75 වැඩි තදවැසි ඇතිවිය හැකි බවද ඒ මහත්මිය පවසා සිටියාය.
මීට අමතරව උදෑසන කාලයේදී බස්නාහිර, දකුණ සහගිණිකොනදිග වෙරළබඩ ප්‍ර‘දේශවලට වැසි ඇතිවිය හැකි බවද ඇයසඳහන් කළාය.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර‘දේශවලට තැනින් තැන වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.