හෙට (20දා), අනිද්දා (21දා) සහ 22 යන තෙදින තුළ උල්කා වර්ෂාවක් රාත්‍රී අහසේදී දිස්විය හැකි බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.
ඔරයනිඩ්ස් නමින් හැඳින්වෙන මෙම උල්කා වර්ෂාව උතුරු යුරෝපීය සහ ඇමරිකානු රටවල ජනතාවට වඩාත් හොඳින් පෙනෙන අතර, මෙය පෘථිවි වායුගෝලයට තත්පරයට කිලෝමීටර් 66ක වේගයකින් ඇතුළත් වනු ඇති බවද වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
වසර 76කට වරක් විද්‍යාමාන වන හේලිගේ වල්ගා තරුවෙන් විහිදුණු දූලි අංශු මගින් ඇතිවන මෙම ඔරයනිඩ්ස් උල්කා වර්ෂාව බොහෝ විට මධ්‍යම රාත්‍රියෙන් පසුව දැකගත හැකිවනු ඇති බවත්, මෙය අතිශය විචිත්‍රවත් දර්ශනයක් වනු ඇති බවත් තාරකා පිළිබඳව විද්‍යාඥයින් සැක පළ කර තිබේ.
මෙම උල්කා වර්ෂාවේ විශේෂත්වය වනුයේ උල්කාෂ්ම හා උල්කාපාත පෘථිවි වායුගෝලයට ඇතුළත් වන කිලෝමීටර් 100ක පමණ උන්නතාංශයේදී ඉතා දීප්තිමත් පිපුරුමක් වන නිසා බවද වික්‍රමරත්න මහතා පැවසීය.
මෙවර මෙම උල්කා වර්ෂාවේදී පැයකට උල්කා 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් වැටෙනු ඇති බවට තාරකා පිළිබඳ විද්‍යාඥයන් අනුමාන කර ඇති බවද කීර්ති වික්‍රමරත්න මහතා අප කළ විමසුමකදී සඳහන් කළේය.
මෙවැනි උල්කාපාත ශ්‍රී ලංකාවේ පොළොන්නරුව වැනි ප්‍ර‘දේශවලට පසුගිය වසර වලදී පතිත වූ අතර, මෙවරද බොහෝවිට මෙම උල්කා වර්ෂාවේ කොටස් පොළොන්නරුව දිඹුලාගල හා අරලගංවිල යන ප්‍ර‘දේශවලට පතිත වීමේ ඉඩකඩ ඇති බවද කීර්ති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මනම්පිටිය - නිමල් ජයරත්න