දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (04දා) පෙරවරුවේදී එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් විය. එසේම අද දිනය පිළිබඳව කාලගුණ අනාවැකිය සඳහන් කරමින් ඔවුන් පවසන්නේ, සබරගමුව පළාතේ විටින් විට වැසි ඇති විය හැකි බවත්, බස්නාහිර, වයඹ හා මධ්‍යම පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලද වාර කිහිපයක් වැසි ඇති විය හැකි බවත්ය.
එසේම අනෙකුත් පළාත්වල සවස 2.00න් පසු ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
ජලිත යහරුවන්