ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ වනවිටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළුවලින් බරව පවතින අතර, විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම නිවේදනයේ සඳහන් වෙයි.
විශේෂයෙන් දිවයිනේ නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මි 75ක් වන තද වැසි අපේක්ෂා කරන බවද නිවේදයේ සඳහන් වේ.
මේ හේතුවෙන් තද වැසි සමඟ තද සුළං සහ අකුණු ඇති විය හැකි හෙයින් ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.