ඉදිරි දිනවලදි දිවයින පුරා නැවතත් වැසි සහිත කාලපරිච්ඡේදයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර අද දිනයේදී ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද (03දා) අලුයම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මිට අමතරව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවත් ඔවුන් පවසයි.
සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කලුතර, මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානත්ට තරමක තද වැසි (මි.මී. 75 පමණ) ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.