ඉදිකිරිම් ක්ෂේත්ර‘යේ කටයුතුවල වර්ධනය පහත වැටීම නිසා ශ්රී ලංකාවේ සමස්ත ආර්ථික වර්ධන වේගය 6.9෴ දක්වා පහත වැටෙනු ඇති බවට ලෝක බැංකු නවතම වාර්තාවකින් පෙන්වා දෙයි.
දකුණු ආසියාව ලෝකයේ වේගවත්ම ආර්ථික සංවර්ධනය ඇති කලාපය බවට පත්ව ඇති අතර ඉන්දියාවේ වර්ධන වේගය ඉහළ යෑම ඊට ප්රධානතම හේතුව වී ඇත.
කෙසේ නමුදු ශ්රී ලංකාව හා බංග්ලාදේශය යන රටවල වර්ධන වේගයට අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීමට නොහැකි වී ඇත.
විශේෂයෙන්ම ශ්රී ලංකාවේ වර්ධන වේගය 6.9෴කට පහත වැටෙන බවට පුරෝකථනය වී ඇති අතර ඉදිකිරීම් ක්ෂේත්ර‘යේ ඇති මන්දගාමී ස්වභාවය මීට හේතු වී ඇත.
එසේම ශ්රී ලංකාවේ නව රජය එතෙක් පැවැති ආයෝජනය මූලික කරගත් සංවර්ධනය නැවත ඇගයීමකට ලක්කර ඇති බවද ලෝක බැංකු වාර්තාව සඳහන් කරයි.
කෙසේ නමුදු රාජ්ය සේවක වැටුප් වැඩි කිරීම තුළින් ඇතිවන පාරිභෝජනය ඉහළ යාම මගින් සමස්ත ආර්ථික වර්ධනයට වන බලපෑම යම් දුරකට සමනය වනු ඇති බවද වාර්තාව පෙන්වා දෙයි.