අද නිමාවූ පාර්ලිමේන්තු මැතිවරණයේ ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විශේෂ ප්රකාශයක් කරමින් පැවැසීය.
තමා ජනපතිවරයා ලෙස පත්වී කරන ලද පරිවර්තනයන්හි ප්රතිඵලයක් ලෙස එය හැදින්විය හැකි බවත් ජනපතිවරයා සඳහන් කරයි.
පසුගිය වර පැවැති ජනපතිවරණයේ දී මෙන් මෙවර රාජ්ය බලය අයුතු ලෙස යොදා ගැනීමට අවස්ථාවක් නෙතිබූ බවද ඔහු පැවැසීය.
මැතිවරණය සාමකාමීව සිදුකිරීම සඳහා සහාය දැක්වූ සියලු දෙනාට ස්තූතිය ප්රකාශ කළේය.
එසේම මැතිවරණ ප්රතිඵලය පක්ෂ භේදයකින් තොරව සාමකාමීව භුක්තිවිදින ලෙසත් ඔහු සඳහන් කළේය.