මැතිවරණ සමයන්හිදී පෞද්ගලික මාධ්‍ය කටයුතු පාලනයට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළ ඡේදය මාධ්‍ය හිමිකරුවන්ගේ ඉල්ලීම මත ඉවත්කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ මහතා කියා සිටියේ අදාළ හිමිකරුවන් තමා සමග පැවැති සාකච්ඡාවකින් පසු එම තීන්දුව ගත් බවයි.
කෙසේ නමුත් මැතිවරණ කාලවල මාධ්‍ය හැසිරීම ස්වයං නියාමනයකට ලක්කිරීම සඳහා යාන්ත්‍රණයක් සකස්කර රටට ඉදිරිපත් කරන ලෙසද ඔහු මාධ්‍ය හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
එසේම ආණ්ඩුව තම යුතුකම් ඉටුකර ඇති බවත්, මාධ්‍ය ආයතනද ඒ පිළිබඳව තම ප්‍රතිචාරය දක්වන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.
කෙසේ නමුත් විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ ආණ්ඩුව මෙවැනි පරිච්ඡේදයක් ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළ බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට දැඩි ලෙස විරෝධය පළකළ බවත්ය.
ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන්ද ඉල්ලීමක් කළ බවත්, ඊට අදාළව කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වන බවත් ඔහු පැවසීය.