ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ මඩකලපුව දිස්ත්‍රික් අධෂක්ෂවරයාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මඩකලපුව සන්දිවෙලියේහි පදිංචි චන්ද්‍රසේකරන් සත්තියේස්වරන් නැමැත්තෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. පසුගිය (24දා) එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් අධෂක්ෂවරයා තුවාල ලැබීය.
අත්අඩංගුවට පත් සැකකරු හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන්ගේ කාර්යාලයේ සේවය කළ පුද්ගලයෙකු බවටද මේ වන විට තොරතුරු හෙළිව තිබේ.
මඩකලපුව ජවුෆර් ඛාන්