ආණ්ඩුව කුමන සුරංගනා කතා කීවද ඉන්දියාව සමග අත්සන් කිරීමට යන ETCA ගිවිසුම රටට දැඩි ලෙස අහිතකර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්රමුඛ වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ සන්ධානය සඳහන් කරයි.
මෙම ගිවිසුම අත්සන් කළහොත් ඉන්දියානු ලොකු අයියා ශ්‍රී ලංකාව නමැති පොඩි මල්ලිගේ සියලුම දේපළ මංකොල්ලකාගෙන යන බවත්, 2000 වසරේදී අත්සන් කර තිබෙන භාණ්ඩ ගිවිසුම හරහා මේ බව දැනටමත් සනාථ වෙමින් තිබෙන බවත් එම සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.
රටට අහිතකර ETCA ගිවිසුම වහාම අවලංගු කරන ලෙස ඉල්ලා මෙම සන්ධානය අද (11දා) විහාර මහාදේවි උද්‍යානයේදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වා විරෝධතා රැලියක් ද පවත්වනු ලැබිණි.
එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කළේ,මේ බිමට එරෙහිවන සියලු දෙනාට එහි පල විපාක විඳීමට සිදුවූ බවයි. මේ නිසා මේ බිමට එරෙහිවන ගිවිසුමක් අත්සන් කිරීම වහාම හකුළාගත යුතු බවද හෙතෙම පවසා සිටියේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ