ඉට්කා ගිවිසුම හරහා ඉන්දියාව කිසිදු ආර්ථික වාසියක් බලාපොරොත්තු නොවන බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන 'දා බිඳු මුතු' සමෘද්ධි වෙළෙඳ ප්‍රදර්ශනය අද (06දා) උදෑසන බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී විවෘත වූ අතර, ඊට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
හෙතෙම එහිදී වැඩිදුරටත් පවසා සිටියේ ඉට්කා ගිවිසුම හරහා කලාපීය නායකත්වය හා කලාපීය ආරක්ෂාව ඉන්දියාව විසින් බලාපොරොත්තු වන බවයි.