ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ඉට්කා ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විසින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව පුදුමයට පත්වමන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා පවසයි.කොළඹදී පැවැති උත්සවයක් අමතමින් පසුගියදා (04දා) වයි.කේ සිංහා මහතා මෙම අදහස් දැක්වීය.
මේ පිළිබඳව තොරතුරු වාර්තා කළ ඉන්දීය මාධ්‍ය පෙරේදා (05දා) පැවැසුවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සීපා ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා ඉන්දියාව අතර සමීප සාකච්ඡා පැවැති බවයි. එයටද සේවා වෙළදාම ඇතුළත්ව තිබූ බව ඔහු සඳහන් කළේය.