තමාට ඉගැන්වූ ගුරුවරියක ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ චූදිතයෙකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (29දා) මරණ දඬුවම නියම කළේය.
මාතර, තිහගොඩ ප්‍රදේශයේදී මීට වසර 10කට පමණ පෙර මෙම ඝාතනය සිදුව තිබූ අතර සිද්ධියෙන් වරදකරු වූයේ අවුරුදු 32ක් වයසැති බී.ජී. මහේන්ද්‍ර පුෂ්පකුමාර යන අයයි.
ඝාතනයට ලක්ව තිබුණේ 52 හැවැරිදි වියේ පසුවූ තිහගොඩ කණිෂ්ඨ විදුහලේ සේවය කළ මල්කාන්ති රාජපක්ෂ යාපා නැමැති ගුරුවරියයි.
ගුරුවරියගේ නිවසේ කොල්ලයක් සඳහා චූදිතයා පැමිණි අවස්ථාවේදී ඔහුව හඳුනාගැනීමෙන් පසුව ගුරුවරිය වෙඩිතබා ඝාතනය කර තිබුණි.