ඇෆ්ගනිස්ථානය තුළ ඇමෙරිකානු හමුදාවන් රැඳවීම 2016 ඔබ්බට දීර්ඝ කිරීමට ඔබාමා පාලනය තීරණය කර තිබේ.
ඒ අනුව, 2017 වසරේදී බරැක් ඔබාමා සිය ධුරයෙන් ඉවත්ව යනවිටද ඇෆ්ගනිස්ථානය තුළ 5,500ක පමණ හමුදාවක් රැඳවීම ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබේ.
මෙම සැලසුම සම්බන්ධයෙන් ඇමෙරිකානු ආරක්ෂක අංශ ඉදිරියේදී වැඩිදුර තොරතුරු සපයනු ඇත.
දැනට 9,800ක ඇමෙරිකානු හමුදාවක් ඇෆ්ගනිස්ථානයේ රඳවා තැබෙන අතර, ඔවුන් කාබුල්, බග්රාම්, ජලාලාබාද් හා කන්දහාර් යන හමුදා කඳවුරුවල රඳවා තිබේ.
ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකානු හමුදා ප්‍රධානියෙකු පවසා සිටියේ වර්ධනය වන තලේබාන් බලපෑම්වලදී එරට ආරක්ෂක අංශවලට සහාය දැක්වීමට තවත් ඇමෙරිකානු හමුදා අවශ්‍ය වනු ඇති බවයි.