ඇෆ්ගන් ජනපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය නුදුරේදීම සිදුවනු ඇතැයි පාකිස්තානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක උපුටා දක්වමින් බී.එන්.එස්. පුවත්සේවා වාර්තා කරයි.
ඇෆ්ගන් ජනපති හමීඩ් කර්සායි පසුගිය ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබුණත් එදින තලේබාන් සංචිධානය එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් හමුදා සාමාජිකයන් 20 දෙනෙකු මිය යාමත් සමග ජනපතිවරයා සිය ශ්‍රී ලංකා සංචාරය කල් දමනු ලැබීය.
ජනපතිවරයා ඉතාමත් ඉක්මනින්ම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා සූදානමින් සිටින බවත් සංචාරය සිදුවන දින වකාවානු පිළිබඳව ඔහු සඳහනක් කර නොමැති බවත් පාකිස්තානු විදේශ කටයුතු අමාත්‍යාශයේ මාධ්‍ය ප්‍රකාශක ශකිබ් මුස්ටාග්නි උපුටා දක්වමින් පවසා සිටියි.