ගල්ගමුව ඇහැටුවැව දිවුල්ගනේ මහා විදුහලේ සිසුන් කිසිවෙකු 2014 වසරේ පළමු පාසල් වාරය ආරම්භ වූ අද දිනයේදී පාසලට පැමිණ නොමැත. විදුහලේ පරිපාලන ගැටළු වල දුර්වලතාවයක් හේතුවෙන් මෙසේ අද දිනයේදී කිසිවෙකුත් පාසල් නොපැමිණි බව ප්රදේශවාසීහු සඳහන් කරති.
වසර 26 ක කාලයක සිට විදුහලේ සේවයේ නිරත වී සිටින ගුරුවරියකගේ ගැටළුවක් හේතුවෙන් මෙන්ම විදුහල්පති දිනපතාම බීමත්ව සේවයට වාර්තා කිරීමත් සිසූහු මෙසේ පළමු දිනයේදී පාසල් නොපැමිණ ඇත. මීට වසර තුනකට ඉහතදී සිසුන් 600 ක් පමණ පාසලේ ඉගෙන ගත්තත් වර්තමානයේ එහි සිටින්නේ සිසුන් 150 ක් පමණ බවඳ ප්රදේශවාසීහු වැඩු දුරටත් පවසති.