ඇවිදීමේ මන්තීරු හෙවත් ජොගින් ට්‍රැක් නඩත්තු කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මාසිකව රුපියල් ලක්ෂ එකසිය හැත්තෑවක් වියදම් කරන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මෙම වියදම් දරනුයේ මේවායේ ඇවිදින පුද්ගලයන් නොව රටේ දුප්පත් ජනතාවගෙන් 82% ක් විසින් බවත්, එබැවින් මේ සඳහා බදු ගෙවිය යුත්තේ සංවර්ධනයේ ප්රතිලාභ ලැබුණු අය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.