අප්‍රිකානු කලාපයේ රටක පිහිටා තිබූ ඇවන්ඩ්ගාඩ් මැරිටයිම් සේවා (පෞද්ගලික) සමාගමේ කාර්යාලයක් වසාදමා එහි සේවකයන් පිරිස හෙට (28දා) සවස යළි දිවයිනට පැමිණීමට නියමිත බව ඇවන්ට්ඩ්ගාඩ් රැකියා අහිමිවූවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශ්‍රාමික ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර මහතා පැවසීය.
ඒ අනුව සේවකයන් 10 දෙනෙකු පමණ මෙසේ පැමිණීමට නියමිත බව ජයවීර මහතා සඳහන් කළේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, විදේශ රටක ඇවන්ඩ්ගාඩ් සමාගම යටතේ තිබී වසා දැමුණු සිවුවැනි කාර්යාලයේ සේවක පිරිස මොවුන් බවයි.