නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පසුව පොලීසියට බාරදුන් ඇවන්ට්ගාඩ් සමාගමට අයත් නැව තුළ තිබෙන ආයුධ සහිත කන්ටේනර් 03 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුද්‍රා තබා තිබේ.
මුද්‍රා තැබූ කන්ටේනර් 03 තුළ ටී පනස් හය සහ 84 එස් වර්ගයේ ගිනිඅවි 816 ක් සහ එම ගිනිඅවිවලට භාවිතා කරන පතොරම් ලක්ෂ 02 කට වැඩි ප්‍රමාණයක් අඩංගු බව වාර්තා වේ.