සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බදු නොගෙවීමේ හේතුව මත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ ඇල්කොහොල් නිෂ්පාදන ඉස්කාගාර බලපත්‍රය තහනම් කිරීමට තීරණය කර ඇත.
මෙම වසරේ ජනවාරි මස සිට මෙම ස්කාගාරයේ නිෂ්පාදන කටයුතුද නවත්වා තිබූ බව සුරාබදු කොමසාරිස් හෙලන් මීගස්මුල්ල මහතා පවසයි.
මෙම සමාගම 2017 වසරේ දෙසැම්බර් මාසය වෙනුවෙන් රුපියල් මිලියන 580ක බදු ගෙවීම පැහැර හැර ඇත. සමාගම විසින් ගෙවීමට තිබූ හිඟ බදු මුදල් ලෙස රුපියල් මිලියන 720ක් වාර්තා වුවත්, බලපත්‍රය අවලංගු වීමට පෙර එයින් යම් මුදලක් ගෙවා ඇත.
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස දැනට රිමාන්ඩ් භාරයේ සිටින අර්ජුන් ඇලෝසියස්ට හිමි මෙම සමාගමේ වැඩකටයුතු පසුගිය ජනවාරි මාසයේ ඇනහිටීමත් සමග එහි තාවකාලික සේවකයන් ඉවත් කර දමා ඇත.
පර්පචුවල් කැපිටල් හෝල්ඩිංග්ස් සමාගම විසින් මෙම ස්කාගාරය 2012 වසරේදී මිලට ගත්තේ සමාගමේ පළමු ආයෝජනය ලෙසය. 1960 දශකයේ ඇරඹි ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම ලංකාවේ පැරණිතම මධ්‍යසාර සන්නාමයක් වෙයි.
Daily FT ඇසුරෙනි.