ඇලෝසියස්ගෙන් මුදල් ලබා නොගත් බවට ගම්මන්පිල දිවුරා කියයි
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබනොගත් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා දිවුරුම් ප්රකාශයක් මගින් දැනුම් දෙයි.
පර්පෙචුවල් සමාගම, එහි පාලක, පාලිත සමාගමකින්, එකී සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස්ගෙන්, ප්රධාන විධායක නිලධාරී කසුන් පලිසේනගෙන්, එකී සමාගමේ වෙනත් අධ්යක්ෂවරයෙකුගෙන්, නිලධාරියෙකුගෙන් හෝ සේවකයෙකුගෙන් කිසිම දිනක කිසිම මුදලක් තමා ලබාගෙන නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
මේ බව අද (04දා) දිවුරුම් ප්රකාශයක් අත්සන් කරමින් ඒ මහතා පවසා ඇති අතර, රුපියල් 50ක මුද්දරයක් ඇල වූ එම දිවුරුම් ප්රකාශයට ගම්මන්පිල මහතා සාමවිනිසුරුවරයෙකු ඉදිරියේ අත්සන් කර තිබේ.
මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුවේ විත්තිකරුවන් වන අර්ජුන් මහේන්ද්රන්,අර්ජුන් ඇලෝසියස් හෝ කසුන් පලිසේන සමග තමා කිසිම දිනෙක දුරකථනයෙන් හෝ සෘජුව හෝ කතා කර නොමැති බවද මන්ත්රීවරයා මෙම දිවුරුම් ප්රකාශයේ දක්වා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

