ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118දෙනා පාර්ලිමේන්තුවට හෙළි කරන්න
එළඹෙන පාර්ලිමේන්තු සතියේ ආරම්භක දිනයේදී අර්ජුන් ඇලෝසියස් මහතා වෙතින් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 118 දෙනාගේ නම් ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ජ.නි.පෙ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියි.
කථානායකවරයා වෙත අද (31දා) ලිපියක් යොමු කරමින් අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්රීවරු ඇතුළු 118කගේ ලැයිස්තුවක් පිළිබඳ ප්රකාශයට පත්ව තිබෙන බවත්, එබැවින් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්රීවරු 225 දෙනාම රට හමුවේ සැකයට සහ ගර්හාවට පත්ව ඇති බව ඔහු පෙන්වාදී ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ වරප්රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම කථානායකවරයා සතු බවත්, මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ පිටුවල මෙම නම් 118 සඳහන් ඇති බව අනාවරණය වී ඇති අතර ජනාධිපති ලේකම්වරයා වෙතින් එදිනට මෙම ලැයිස්තුව ලබා ගැනීමට හැකියාවක් පවතින බවත් ඒ මහතා පෙන්වා දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

