බැඳුම්කර අලෙවිකාරීම හරහා රජයට පාඩුවක් සිදුකිරීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් එම සිදුවීමේ දෙවැනි හා තෙවැනි සැකකරුවන් වන පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන අය නැවතත් එළැඹෙන 15 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ එම නඩුව අද (02දා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය. මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය නිකුත් කළාය.