ඇලෙප්පෝ නගරයේ බලය යළි සියතට ගැනීමට සිරියානු රජයේ හමුදා සමත්ව ඇති බව එරට රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඇලෙප්පෝ නගරයේ කැරලි හමුදා පාලන ප්‍රදේශයේ සිටි අවසන් සිවිල් වැසියන් පිරිසද ඉවත්කර ගැනීමෙන් අනතුරුව මේ වනවිට සමස්ත නගරයේම බලය යළි රජයේ හමුදා අත පවතින බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා සිටියේ බ්‍රහස්පතින්දා වන විට 34,000කට අධික පිරිසක් නගරයෙන් ඉවත් කිරීමට හැකි වූ බවයි.
මෙය බෂර් අල් අසාද් ජනාධිපතිවරයාගේ ප්‍රබල ජයග්‍රහණයක් වන අතර, මෙම සටන සඳහා බටහිර රාජ්‍යයන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ රුසියානු ගුවන් ප්‍රහාරක ශක්තියද නොඅඩුව ලැබුණි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ඇලෙප්පෝ මුදාගැනීමේ සටන් වැළැක්වීම සඳහා ආරක්ෂක කවුන්සිලය උත්සාහ කළද රුසියාව හා චීනය ඊට එරෙහිව සිටි නිසා මේ වනවිට සිරියාවේ ඇලෙප්පෝ ජනතාවට වඩාත් යහපත් හෙට දවසක් දැකීමේ අවස්ථාව උදාවෙමින් පවතින බව ස්වාධින මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.