සිරියාවේ ඇලෙප්පෝ නගරයේ නැගෙනහිර කොටසේ රැඳී සිටින සාමාන්‍ය ජනතාව ඉවත්කර ගැනීම සඳහා වූ තාවකාලික සටන් විරාමය යළි ක්‍රියාත්මක කිරීම සඳහා තමන් සූදානම් බව කැරලි කණ්ඩායම් පවසයි.
ඔවුන් මෙසේ එකඟත්වයකට පැමිණ ඇත්තේ මීට පෙර සාමාන්‍ය වැසියන්ට ඉවත්වීම සඳහා ලබාදී තිබූ තාවකාලික සටන් විරාමය දිනක් ඇතුළත බිඳ වැටීමෙන් පසුවය.
බදාදා දිනය ආරම්භ වනවිට සිරියාවේ ඇලෙප්පෝ නගරයේ නැගෙනහිර කොටසින් ඉවත්වීමට සාමාන්‍ය වැසියන් මෙන්ම තුවාල ලැබූ කැරලි සටන්කරුවන්ද සූදානමින් සිටියත් ඊයේ දිනයේදී ගැටුම් යළි උත්සන්න වී තිබුණි.
කෙසේ වෙතත්, මෙම ඉවත්වීම බ්‍රහස්පතිනිදා දිනයේදී සිදුකිරීමට සූදානම් බව පසුව කැරලි හමුදා පවසා තිබුණේ, නව සටන් විරාමයකට ඉඟි පළ කරමිනි.
කෙසේ වෙතත්, මෙම නව සටන් විරාමයේ බලාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් සිරියානු රජයෙන් හෝ ඔවුන්ට ප්‍රධාන වශයෙන් සහාය ලබාදෙන රුසියාවෙන් අදහස් දැක්වීමක් සිදුව නොමැති බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, සිරියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම තාවකාලික සටන් විරාමය සඳහා වූ එකඟතාවන් මේ වනවිට සාකච්ඡා වෙමින් පවතින බවයි. අතිශය ව්‍යාකූල තත්ත්වයකින් ඒවා පැවතියත්, සාකච්ඡා මෙතෙක් අවසන්ව නොමැති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසා සිටියි.