ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (15දා) පැවැති අතර ඉන් අනතුරුව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ඔහුගේ නිවසට ගොස් ඇති බව වාර්තාවෙයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ "ඇයි කලබල අපි කියන්නම් වෙලාවට" යනුවෙනි.