ඇඹිලිපිටියේදී ප්රදේශවාසීන්ගේ සහ පොලීසිය අතර ඇතිවූ ගැටුමකදී තරුණයෙකු මිය යෑමේ සිද්ධියට එවකට ඇඹිලිපිටිය පොලිස් දිස්ත්රික්කය භාරව සිටි සහකාර පොලිස් අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සිදුවීම පිළිබඳව අද (02දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් ප්රකාශ ලබාගැනීම සිදුවූ අතර, ප්රකාශ ලබාගැනීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.