ඇඹිලිපිටිය පොලීසිය හා සාදයක් පැවැත්වූ පිරිසක් අතර ඇතිවූ ගැටුමට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමිල් ධර්මරත්න එළැඹෙන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්රාත් ප්රසන්න ප්රනාන්දු මහතා අද (03දා) නියෝග කළේය.මෙම ගැටුමෙන් සුමිත් ජයවර්ධන නැමැති එක්දරු පියෙකු මිය ගියේය.