ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය මුලින් කර ඇතැයි කියන ප්‍රකාශ පරස්පර විරෝධී බව අභ්‍යන්තර පරීක්ෂණයකින් සොයා ගෙන ඇතැයි වාර්තාවේ. මහජනයාගෙන් 119ට ලැබුණු පැමිණිලි අනුව ලබාගත් ප්‍රකාශ පරසපර වීරෝධීබව වැඩිදුරටත් වාර්තාවී තිබේ. කෙසේවෙතත් මෙම නව තොරතුරු රජයේ නීතිපතිට ඉදිරිපත් කර උපදෙස් ලබාගැනීමටද නියමිතය.
මේඅතර ඇඹිලිපිටිය පොලිසිය සමග ඇති කරගත් ගැටුමකදී මියගිය බව කියන තරුණයාගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශන ලබන සඳුදාට පෙර අවසන් කරන්නැයි පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා උපදෙස් ලබා දී තිබේ.