උසස් පොලිස් නිලධාරියෙකු ඇඹිලිපිටියේ ගැටුමට මැදි වූ සහකාර පොලිසි අධිකාරිවරයා ආරක්ෂා කරන බවට පළවූ මාධ්‍ය වාර්තා හා එම සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස්පතිගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ අයෙකු බවට නීතිඥවරයෙකු වන පුංචිහේවා මහතා කළ ප්‍රකාශත් ප්‍රතික්ෂේප කරන බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එසේම ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ජාතික පොලිස් කොමිසමට ලිඛිතව දැන්වූ බවද එම නිවේදනයේ වැඩිදුටරටත් වෙයි.