ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළාශ්රිත ප්රදේශවල ජනජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල කළ හිම කුණාටු තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බව විදෙස් වාර්තා පවසයි.
මෙම හිම කුණාටුව හේතුවෙන් නිව්යෝක් සහ වොෂිංටන් ඩීසී නගරවල ප්රවාහන සේවා හා එදිනෙදා ජනජීවිතය ඇණහිට තිබේ.
හිමෙන් යට වූ තම නිවාසවල හිම ඉවත් කිරීමට යාමෙන් පුද්ගලයන් 6 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පසුගිය සිකුරාදා දිනයේ සිට හිම තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇමෙරිකානු වාර්තා පෙන්වාදෙන පරිදි මෙම හිම කුණාටු තත්ත්වය හේතුවෙන් මිලියන 85ක ජනතාවක් පීඩාවට පත්ව ඇති අතර, ලක්ෂ දෙකක ජනතාව විදුලිබලය නොමැතිව පීඩා විඳිති.
එමෙන්ම, ගුවන්ගමන් 7,000ක් අවලංගු කර ඇති අතර, හෙට දිනයේ ගුවන් ගමන් 615ක් මේ වනවිටත් අවලංගු කර තිබේ.